Tuesday, January 6, 2015

3.6- සංඛ්‍යා පද්ධති (ඉපිලෙන ලක්‍ෂීය ඒකමය නියතාර්ථ නිරූපණය)

...

3.5- කේත ක්‍රම (Coding Systems)

...

3.4 ඒකකය සංඛ්‍යා පද්ධති (ද්වීමය සංඛ්‍යා මත තාර්කික කර්ම සිදු කිරීම)

...

3.3 ඒකකය- සංඛ්‍යා පද්ධති (ද්වීමය, අෂ්ටම සහ ශඩ් දශමය සංඛ්‍යා පද්ධති මත මූලික ගණිත කර්ම සිදු කිරීම)

...

3.2 ඒකකය- සංඛ්‍යා පද්ධති (දශම සහිත ද්වීමය, අෂ්ටම සහ ශඩ් දශමය සංඛ්‍යා පද්ධති එකිනෙක පරිවර්තනය)

...

Wednesday, November 12, 2014

3.1 ඒකකය- සංඛ්‍යා පද්ධති (දශමය, ද්වීමය, අෂ්ටම සහ ශඩ් දශමය සංඛ්‍යා පද්ධති එකිනෙක අතර පරිවර්තනය)

...

Wednesday, October 22, 2014

දත්ත, තොරතුරු සහ දැනුම

උසස් පෙල තොරතුරු තාක්‍ෂණය: දත්ත, තොරතුරු සහ දැනුම

Prepared by Ishani Narahenpita (B. Sc. Sp. (Hon) Information Technology, M. Sc. Information Technology)
1.1. Data, Information & Knowledge
- මිනිසා අතීතයේ සිට වර්තමානය දක්වා විවිධ යුග පසු කලා: ගල් යුගය, එඬේර යුගය, ගොවි යුගය, කාර්මික යුගය, තාක්‍ෂණ යුගය (වර්තමානය).
- එක් එක් යුගයන් ඊට කලින් පැවති යුගයට වඩා දියුණු ස්වාභාවයක් ගත්තා. උ.දා. ගල් යුගයට වඩා එඬේර යුගය දියුණුයි.

- මේ සෑම යුගයකටම වඩා වර්තමාන තාක්‍ෂණ යුගය අතිශය දියුණු මට්ටමක තිබෙනවා.
- ඉතිං මිනිසා දියුණු වන්න වන්න ඔහුගේ අවශ්‍යතා පෙර පැවති යුගවලට වඩා සංකීර්ණ වුණා.
- ගල් යුගයේ අවශ්‍යතා නෙමේනේ අපට අද තියෙන්නේ…!
උ.දා. දුර සිටින තම තමන්ගේ හිතවත් අය සමඟ දුරකථන/ ජංගම දුරකථන, අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙලා කථා කරන්න, අන්තර්ජාලයෙන් පත්තර කියවන්න,Facebook යන්න, e-mail චෙක් කරන්න, T.V. බලන්න වගේ

- ඉතිං මේ සියළු අවශ්‍යතා සපුරා ගන්න මිනිසාට තොරතුරු අවශ්‍ය වුණා.
 - අපි දුරකථනයෙන් දුර සිටින අයත් එක්ක කතා කරන්නේ මොනවද? තොරතුරු
 - අපි අන්තර්ජාලයෙන් පත්තර බලන්නේ ඇයි? තොරතුරු දැනගන්න
 - අපි ෆේස්බුක් යන්නේ ඇයි? අපේ තොරතුරු අනෙක් අයට දැන්වීමට සහ අනෙක් හිතවත් අයගේ තොරතුරු දැන ගැනීමට.
 - ඇයි අපි e-mail චෙක් කරන්නේ/ යවන්නේ? නොයෙකුත් තොරතුරු දැන ගන්න සහ අනෙක් අයටත් ඒ තොරතුරු යවන්න.
 - ඇයි අපි T.V. බලන්නේ? ඒත් තොරතුරු දැනගන්න.


- තොරතුරු නිර්මාණය කරන්න ඕන. ඔබ ඊ-මේල් මඟින් ඔබේ උපන්දිනයට යහළුවන්ට ආරාධනා කරන්න කැමති නම්, මුලින්ම ඔබට සිදු වෙනවා Birthday Card එකක් නිර්මාණය කරන්න.
- ඉතිං මේ තොරතුරු ගබඩා කරලා තබා ගන්න වෙනවා. ඒ කියන්නේ ඔබට එන e-mail යම් කිසි තැනක ගබඩා කරලා/ තැන්පත් කරලා තියන්න වෙනවා ඔබට ඒවා බලන්න. අන්තර්ජාලයෙන් පත්තර කියවද්දී ඒ පත්තරවල තොරතුරු ගබඩා කරලා තියන්න වෙනවා ඒවා අවශ්‍ය වෙලාවට අවශ්‍ය පුද්ගලයන්ට කියවන්න.
- අදාල තොරතුරු හසුරවන්න ඕන ඒ කියන්නේ ඔබට ලැබෙන ඊ-මේල් පණිවිඩ ලැබුණු දිනයේ පිළිවෙලට හසුරවන්න ඕන, ඔබ යවපු/ ලැබුණ ඊ-මේල් වෙන වෙනම හසුරවන්න ඕන.
- තොරතුරු සන්නිවේදනය කරන්න වෙනවා. ඒ කියන්නේ තොරතුරු එක් පාර්ශවයකින් තවත් පාර්ශවයකට යවන්න ඕන. නැත්නම් තොරතුරු දැනගන්න විදිහක් නැහැ නේ!
- තොරතුරක් කියන්නේ භාවිතා කරන්න පාවිච්චි කරන්න ඕන දෙයක්. අපිට ඊ-මේල් ලැබුණම අපි ඒවා බලනවා. ඒ කියන්නේ භාවිතා කරනවා.
- තොරතුරු කළමණාකරනය කරන්න අවශ්‍ය වෙනවා. නි.ද. අනවශ්‍ය තොරතුරු අයින් කරලා අවශ්‍ය තොරතුරු පමණක් යොදාගන්නවා.

- ඉතිං මේ තොරතුරු
 - නිර්මාණය කරන්න
 - ගබඩා කරන්න
 - හසුරවන්න
 - සන්නිවේදනය කරන්න
 - භාවිත කරන්න
 - කළමණාකරනය කරන්න
යම් කිසි තාක්‍ෂණයක් අවශ්‍යයි.

ඉතිං මෙන්න මේ තාක්‍ෂණයට තමා කියන්නේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය කියලා…!


- ඉතිං තොරතුරු තාක්‍ෂණය භාවිතා කරලා කොහොමද කලින් කියපු Birthday Card එක නිර්මාණය කරන්නේ
  - අපිට පුළුවන් ඒකට Photoshop හෝ එවැනි මෘදුකාංගයක් භාවිතා කරන්න

- කොහොමද තොරතුරු තාක්‍ෂණය භාවිතා කරලා තොරතුරු ගබඩා කරන්නේ?
  - අපිට දත්ත Hard Disk (දෘඩ තැටිය), Pen Drive (USB Flash Drive), CD/ DVD, Memory Card තුල ගබඩා කරන්න පුළුවන්.

- කොහොමද තොරතුරු තාක්‍ෂණය යොදාගෙන තොරතුරු හසුරවන්නේ?
  - පරිඝණක වැඩ සටහන් ( Computer Program) මඟින්.

- කොහොමද තොරතුරු සන්නිවේදනය කරන්නේ තොරතුරු තාක්‍ෂණය යොදාගෙන?
  - අපිට පුළුවන් තොරතුරක් රැහැන් සහිතව එක් තැනක සිට තවත් තැනකට සම්ප්‍රේෂණය කරන්න (දුරකථන කම්බි හරහා), රැහැන් රහිතව සම්ප්‍රේෂණය කරන්න පුළුවන්(රේඩියෝ තරංග හරහා).

- කොහොමද අපි තොරතුරු භාවිතා කරන්නේ තොරතුරු තාක්‍ෂණයෙන්?
  - අන්තර්ජාලය භාවිතා කරලා, ඊ-මේල් භාවිතා කරලා, දුරකථන භාවිතා කරලා…

- කොහොමද තොරතුරු තාක්‍ෂණයෙන් තොරතුරු කළමණාකරනය කරන්නේ?
  - දත්ත කළමණාකරන මෘදුකාංග යොදාගෙන (Database Management S/W). Access, SQL, Oracle වගේ.

දත්ත

- තොරතුරක් කියන්නේ යම් පිළිවෙලකට සකසන ලද දත්ත සමූහයක එකතුවක්. ඒ නිසා මුලින්ම දත්තයක් කියන්නේ මොකක්ද කියලා දැන ගන්න ඕන.
- දත්ත කියන්නේ අවිධිමත්, තේරුමක් නොමැති සහ කිසිදු සැකසීමකට භාජනය නොකල අංග සමූහයක්.
 - උ. දා. කොළඹ, 2500, 2300, ගාල්ල, 2200, 2500, නුවර, 2500, 2700, හම්බන්තොට, 1100, 1200, නුවර එළිය, 3000, 3400, අනුරාධපුර, 1500, 1400.
* ඉහත උදාහරණයේ ඉලක්කම් කිහිපයකුත්, ලංකාවේ ප්‍රධාන නගර කිහිපයකුත් තියෙනවා. ඒත් එම කරුණුවල අරමුණ කුමක්ද යන්න පැහැදිලි නැහැ. මේ ඉලක්කම් සහ නගර අතර සම්බන්ධය මොකක්ද කියලා දන්නෙත් නැහැ. ඇත්තටම එහි තේරුමක් නැහැ.
- ඒ නිසා මේවා දත්ත ලෙස හඳුන්වනවා.

ඒත් එම දත්ත සමූහය යම් කිසි පිළිවෙලකට සැකසුවොත් මොකද වෙන්නේ?

නගරය වාර්ෂික වර්ෂාපතනය (ml) 2011 වාර්ෂික වර්ෂාපතනය (ml) 2012 වර්ෂ දෙකේ සාමාන්‍ය වර්ෂාපතනය
කොළඹ 2300 2500 1400
නුවර 2500 2700 2600
ගාල්ල 2200 2500 4700
නුවර එළිය 3000 3400 3200
අනුරාධපුරය 1500 1400 1450
හම්බන්තොට 1100 1200 1150
- දැන් ඔබට වැටහෙනවා මෙම පිළිවෙලකට සැකසූ දත්ත සමූහයෙන් යම්කිසිවක් තේරුම් ගැනීමට හැකි බව.
- යම් පුද්ගලයෙකුට අර්ථවත් වන සේ සකස් කරන ලද දත්ත තොරතුරු ලෙස හඳුන්වනවා.


දත්ත පිහිටන ආකාර.


* දත්ත පිහිටන ආකාර තුනක් තියෙනවා.
1. ලිඛිත සටහන් ආකාරයෙන් (Text එකක් ලෙස)
  - සංඛ්‍යා (0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9)
  - අක්‍ෂර (අ, ආ, ඇ, ඈ, …, a …z, A …Z)
  - විරාම ලකුණු (!, :, ;, ?)
  - විශේෂ සංකේත (#, @, $, & …)

2. දෘශ්‍ය ආකාරයෙන් (Visual) ඒ කියන්නේ පින්තූර ලෙස.


3. ශ්‍රව්‍ය ආකාරයෙන් (Audio)

දත්ත වර්ගීකරණය.

- දත්තයක් කොටස් දෙකකට වර්ගීකරණය කරන්න පුළුවන්
1. ප්‍රමාණාත්මක දත්ත 2. ගුණාත්මක දත්ත.

- ප්‍රමාණාත්මක දත්ත අපිට ගණනය කිරීම් සඳහා යොදාගන්න පුළුවන්. ඒ කියන්නේ සංඛ්‍යාත්මක දත්ත -> 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 අපිට එකතු කිරීම් අඩු කිරීම්, බෙදීම් සහ වැඩිකිරීම් ඇතුළුව නොයෙකුත් ගණනය කිරීම්වලට යොදාගන්න පුළුවන්.
නි.ද. 1+5=6, 10/2=5, 4*3=12, 9-6=3 …

- ‍ප්‍රමාණාත්මක දත්ත යම්කිසි අනුපිළිවෙලකට සකසන්න පුළුවන්.
නි. ද. යම් සංඛ්‍යා කිහිපයක් අඩු සංඛ්‍යාවේ සිට වැඩි සංඛ්‍යාවටත්, වැඩි සංඛ්‍යාවේ සිට අඩු සංඛ්‍යාව යන පිළිවෙලට සකසන්න පුළුවන්.
1,2,3,4,5,6,7,8,9
9,8,7,6,5,4,3,2,1
- සංඛ්‍යාවක් ලෙස ඉදිරිපත් කල නොහැකි දත්ත අපි ගුණාත්මක දත්ත ලෙස හඳුන්වනවා. නි.ද. හැඩය, පාට, ශබ්ද.



කොහොමද තීරණ ගන්න තොරතුරු වැදගත් වෙන්නේ?

- ධීවරයෙකුට පුළුවන් කාලගුණ අනාවැකි බලලා අදාල දවසේ මුහුදු යනවද නැද්ද කියලා තීරණය කරන්න.


කොහොමද සැලසුම් කරන්න, අනාවැකි කියන්න, තොරතුරු වැදගත් වෙන්නේ?


- ඉහත ප්‍රස්තාරය විශ්ලේෂණය කලාම පැහැදිලි වෙනවා ඩෙංගු මරණ සංඛ්‍යාව වසරින් වසර වැඩි වී ඇති බව.
- ඒ අනුව අපිට කියන්න පුළුවන් ඊ ලඟ වසරේ ඒ කියන්නේ 2012 ඩෙංගු මරණ සංඛ්‍යාව තවත් ඉහල යන බව.
- ඒ වගේම රජයට පුළුවන් ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහල යන්න ඉඩ නොදී ඩෙංගු මර්දන ව්‍යාපෘති පුළුල් කිරීමට සැලසුම් සකස් කරන්න.

තොරතුරුවල සුවිශේෂතා

- අදාල කාර්යය සඳහා උචිත වෙන්න ඕන.
- අදාල කාර්යය සඳහා ප්‍රමාණවත් වෙන්න ඕන
- අදාල කාර්යය සඳහා නිවැරදි වෙන්න ඕන
- භාවිත කරන්නාට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන.
- භාවිත කරන්නාට විශ්වාස කල හැකි වෙන්නත් ඕන
- අදාල පුද්ගලයා වෙතට ලඟා වෙන්නත් ඕන.
- නියමිත වෙලාවට තොරතුරු ලැබෙන්න ඕන

දැනුම

- යම් කිසි ක්‍ෂේත්‍රයක් පිළිබඳව කාලයක් තිස්සේ තොරතුරු ගවේශනය කරලා, පරිශීලනය කලාම (ඒ කියන්නේ අධ්‍යාපනයෙන්) ඒ ක්‍ෂේත්‍රය පිළිබඳව අපේ දැනුම වර්ධනය වෙනවා.
- ඉතිං අධ්‍යාපනයෙන් සහ පලපුරුද්දෙන් පුද්ගලයෙක් ලබන දක්‍ෂතා සහ විශේෂඥ බව දැනුම කියලා හඳුන්වනවා.

තොරතුරුවල වටිනාකම

- තොරතුරුවල වටිනාකම එහි අදාලත්වය මත රඳා පවතී.
- තොරතුරක් නිර්මාණය කර එය පල කල මොහොතේ එයට වැඩි වටිනාකමක් ඇති අතර, කාලය ගත වීමත් සමඟ තොරතුරුවල වටිනාකම අඩුවේ.

දත්ත සැකසීමට සහ තොරතුරු සන්නිවේදනයට පරිඝණකය ආශ්‍රයෙන් අත්වන වාසි

- දත්ත සැකසීමේ ප්‍රධාන ක්‍රම 3කි
  - අතින් දත්ත සැකසීම
  - යාන්ත්‍රිකව දත්ත සැකසීම
  - ඉලෙක්ට්‍රෝනික දත්ත සැකසීම

- අතින් දත්ත සැකසීම
  -දත්ත මත සිදුකරන සියළුම ගණනය කිරීම් අතින් සිදු කරයි.
  -අධික කාලයක් ගතවේ.
  -ගණනය කිරීම්හි වැරදි සිදුවන සම්භාවිතාව අධිකය.
  -අතින් දත්ත සැකසීමේදී මනසට පීඩාකාරී බවක් ඇති කරයි.

- යාන්ත්‍රිකව දත්ත සැකසීම
  -මේ සඳහා යන්ත්‍ර සහ උපකරණ යොදා ගනී
  -කැල්කියුලේටරය, ටයිප්රයිටර් එක
  -මෙම ක්‍රමය අතින් දත්ත සැකසීමට වඩා වේගවත් සහ නිවැරදි බවින් යුක්ත වේ.

- ඉලෙක්ට්‍රෝනික දත්ත සැකසීම
* පරිඝණක ආශ්‍රයෙන් දත්ත සැකසීම මෙම ගණයට අයත් වේ.
  -මේ සඳහා අදාල දත්ත වර්ගයට යෝග්‍ය මෘදුකාංගයක් භාවිතා කල යුතුවේ.
  -මෙම ක්‍රමය අන් සියළුම ක්‍රමවලට වඩා වේගවත් සහ නිවැරදි වේ.
  -විශාල දත්ත ප්‍රමාණයක් ඉතා පහසුවෙන් සැකසිය හැක.
  -දත්ත සැකසීමෙන් පසු තොරතුරු නිර්මාණශීලීව ඉදිරිපත් කල හැක. නි.ද. විවිධ වර්ණයන්ගෙන්, ප්‍රස්තාර මඟින්.
  -ගණනය කිරීම් කඩිනමින් සිදු කර ගත හැක.
  -පරිඝණකයේ අදාල දත්ත තැන්පත් කිරීමට හැකි නිසා කොල/ ෆයිල් වෙනුවෙන් අනවශ්‍ය ඉඩක් වැය නොවීම.
  -ඕනෑම අවස්ථාවක printout මඟින් අවශ්‍ය පුද්ගලයන්ට දත්ත මඟින් සැකසූ තොරතුරු ක්‍රමවත්ව ලබා දීමට හැකි වීම.
  -අතින් ගොස් භාර දීමට හැකි දුරක නොසිටින පුද්ගලයින්ට අදාල තොරතුරු ක්‍ෂණිකව ඊ-මේල් මඟින් යැවීමට හැකි වීම.